දිගු දිවාකල මකා
රාත්‍රිය එලැඹිලා
තාරුකා සිනාසේ
වසන්තයේ ලප නැඟුනු
ඇගේ වත මට මවා…

ඊයේ අමාවක
පෑයුවේ නෑ හඳ
මුළු රෑ පුරාවට
ඉර බලාගෙන
උන්නා ඈ දෙස…

බලා ඉන්නෙමි මම
පායයිද
අද
හඳ..

මේඝවණ්ණ

සිතක සිතුවිලි නොතිබුනේ නම්
මේ තැනට පත්වේද නුඹ අද…
නොපෙනෙන සිහිනයක් සමඟින් ඈත දුර සිට
ඒ සිහිනයම සිතුවමට නැඟුවේ
නුඹ නොවේද?

රුෂිකා කළුබෝවිලගේ

කැළඹුන ජීවිත
බලා සිටී
කුතුහලයෙන්…

යුධ ජයපිටිය(?),
ඝෝෂාවදෙස බලා සිටී
කුතුහලයෙන්….

මලානික වුනු නුඹේ දෑසින්
බලාසිටී නුඹ
අපටකුමක්වීද?
කුතුහලයෙන්…

යුක්තිය,සාදාරණත්වය, අයිතිය,
නුඹලාගේ අනාගත පැවැත්ම,
 බලා සිටී
කුතුහලයෙන්…

රුෂිකා කලුබෝවිලගේ

ජීව රේඛාව නුඹ
මගේ සිතිවිලි යාකරන
එකින් එක, එකින් එක…

.

මේඝවණ්ණ

හුස්ම අවසන් වී
අඳුරු වී අවකාශයම
මැළවේවි තුරුවැල්

සිඳී දිය දහරා
වියලී යාවි ජීවිතයම
ඉරිතලා පුපුරාවි හදමඬල
වියෝවේ සැඩ හිරු රැසට

පිපාසිත විහඟුන්
නවතාවි ගී ගැයුම්
මැලවුන මල්පෙතිමත
මිය යාවි සමනලුන්

බලා හිඳිමි
දුර ඈත එහා
නොදන්නා රාජධානියේ
උදුරා වීසිකල
රත් කුසුම් පඳුරු ලඟ
අලෝනා…
ඔබ එනතෙක්
අවසන් හුස්ම ගනිමින්…

මේඝවණ්ණ

වෙව්ලාවි ඇඟිලිතුඩු
පිපාසාවෙන්
රත්පැහැ ඔබේ දෙතොලග
සිරකරගත් සිනහව
සිතිජයේ එහා කෙලවර
දිහාවෙන් මා දකිනවිට

වේගවත්විය හදගැස්ම
බිය-තැතිගැන්ම-ප්‍රේමය
දෝරේගලා යනු නොහැකිව
නහර බියපත්වී
රත්පැහැගනී සිරුරම

හුස්ම කලබලවී
සිටිමිද? අත්හරිම්දැය් නොදැනී
වේගයෙන්-කලබලෙන්
ඉහලටද-පහලටද
මටම අමතක වේවි “මා-වත”

මෙඝවණ්ණ